ගිගුරුම් සහිත කුණාටු කාළගුණික තත්වයන් හි දී ඇතිවන ඇදුම රෝගය පිළිබඳ අනතුරු ඇඟවීම්, රෝග ලක්ෂණ සහ ප්‍රතිකාර ගැන සොයා බලන්න. තණකොළ පරාග පැතිරෙන මෙම ඍතුව සඳහා සූදානම්ව සිටින්න.
ගිගුරුම් සහිත කුණාටු කාළගුණික තත්වයන් හි දී ඇතිවන ඇදුම රෝගය යනු කුමක්ද?
සාමාන්‍යයෙන් වික්ටෝරියාවේ තණකොළ පරාග පැතිරෙන ඍතුව ඔක්තෝබර් 1 සිට දෙසැම්බර් 31 දක්වා පවතී. මෙම කාලය තුළ, ඇදුම රෝගය සහ කෘෂි උණ පැන නැගීමේ වැඩිවීමක් ඔබට දැකිය හැකිය. මෙම ඍතුව ගිගුරුම් සහිත කුණාටු කාළගුණික තත්වයන් හි දී ඇතිවන ඇදුම රෝගය පැන නැගීමට ද හේතු වේ.
වාතයෙහි තණකොළ පරාග විශාල ප්‍රමාණයක් තිබෙන විට සහ සුවිශේෂ ආකාරයේ ගිගුරුම් සහිත කුණාටු ඇතිවන විට ගිගුරුම් සහිත කුණාටු කාළගුණික තත්වයන් හි දී ඇතිවන ඇදුම රෝගය ඇති විය හැකිය. තණකොළ පරාග අංශුමාත්‍ර සුළඟ සමග ගසගෙන ගොස් දිගු දුරක් ගෙන යාම සිදු වේ. ඒවායෙන් සමහරක් හදිසියේම විවෘත වී කුඩා අංශු මුදා හැරිය හැකි අතර එම අංශු ගිගුරුම් සහිත කුණාටුවක් ඇතිවීමට පෙර එන තද සුළඟෙහි සංකේන්ද්‍රණය වී ඇත. මෙම අංශු හුස්ම ගැනීමේ දී පුද්ගලයන්ගේ පෙනහළුවලට ඇතුල් වීමට තරම් කුඩා වන අතර මෙමගින් මීට පෙර කිසි දිනෙක ඇදුම රෝගය වැළඳී නොමැති අයට පවා, ඇදුම රෝග ලක්ෂණ ඉක්මනින් ඇති කළ හැකිය.
මෙම තත්වයන් තුළ බොහෝ දෙනෙකුට කෙටි කාලයක් අතරතුර ඇදුම රෝග ලක්ෂණ ඇති වූ විට, එය වසංගත ගිගුරුම් සහිත කුණාටු කාළගුණික තත්වයන් හි දී ඇතිවන ඇදුම රෝගය ලෙස හැඳින්වේ.
අවදානමට ලක්ව සිටින්නේ කවුද?
ගිගුරුම් සහිත කුණාටු කාළගුණික තත්වයන් හි දී ඇතිවන ඇදුම රෝගය වැළදීමේ අවදානමට ලක්ව ඇති පුද්ගලයින් අතරට දැනට හෝ අතීතයේදී ඇදුම රෝගය වැළදී ඇති, හඳුනා නොගත් ඇදුම රෝගය සහිත හෝ වසන්ත කාලයේදී කෘෂි උණෙන් පෙළෙන පුද්ගලයන් ඇතුළත් වේ. ඇදුම සහ කෘෂි උණ යන රෝග දෙකම ඇති පුද්ගලයින්ට ඇති අවදානම, විශේෂයෙන් ඔවුන්ගේ ඇදුම පාලනය දුර්වල නම්, වඩාත් ඉහළ යයි.
මෙම තණකොළ පරාග පැතිරෙන ඍතුවේදී ඔබව ආරක්ෂා කර ගන්න
පහත දැක්වෙන සරල පියවර අනුගමනය කිරීම මගින් ඔබට ඔබව සහ ඔබගේ රැකවරණයේ සිටින අයව ආරක්ෂා කර ගත හැකිය:
- ගිගුරුම් සහිත කුණාටු කාළගුණික තත්වයන් හි දී ඇතිවනඇදුම රෝග අවදානම් පිලිබඳ පුරෝකථන නිරීක්ෂණය කිරීමෙන්:
- Vic හි ගිගුරුම් සහිත කුණාටු කාළගුණික තත්වයන් හි දී ඇතිවන ඇදුම රෝග පුරෝකථන වෙබ් පිටුවට පිවිසීමෙන්
- AppStore හෝ Google Play හරහා VicEmergency බාගත කර ගැනීමෙන්.
- ගිගුරුම් සහිත කුණාටු ඇති වන විට, විශේෂයෙන් ඊට පෙර ඇති වන සුළං අතරතුර, එළිමහනේ නොසිටින්න. නිවස ඇතුළට ගොස් ඔබේ දොරවල් සහ ජනෙල් වසා දමන්න. නිවසට හෝ මෝටර් රථයට පිටතින් වාතය ගෙන එන වායු සමීකරණ පද්ධති (වාෂ්පීකරණ වායු සමීකරණ යන්ත්‍ර ඇතුළුව) අක්‍රිය කරන්න.
- නිර්දේශ කර ඇති පරිදි ඔබේ නිරෝධක ඖෂධ ලබා ගන්න.
- ඇදුම රෝගය වැළදීම කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගන්න. ඔබේ ඇදුම රෝග ක්‍රියාකාරී සැලැස්ම අනුගමනය කරන්න, නැතහොත් ඇදුම ප්‍රථමාධාර භාවිතා කරන්න.
ඇදුම රෝගය
- ඔබට ඇදුම රෝගය තිබේ නම් – ඔබේ ඇදුම රෝගයේ පාලනය පරීක්ෂා කිරීම සම්බන්ධව ඔබේ වෛද්‍යවරයා සමග කතා කරන්න. එමෙන්ම ඔබට නිවැරදි ඇදුම ඖෂධ ඇති බව සහතික කර ගැනීමට සහ ඔබ එය නිසි ලෙස භාවිතා කරන බව පරීක්ෂා කිරීමට ඔබේ ඇදුම රෝග ක්‍රියාකාරී සැලැස්ම සමාලෝචනය කර යාවත්කාලීන කරන්න. නිර්දේශ කළ පරිදි ඇදුම රෝග නිරෝධක ඖෂධයක් ගැනීම ඉතා වැදගත් බව මතක තබා ගන්න. එය ගිගුරුම් සහිත කුණාටු කාළගුණික තත්වයන් හි දී ඇතිවන ඇදුම රෝගය ඇතුළු ඇදුම රෝග ලක්ෂණ වළක්වා ගැනීමට උපකාරී වේ.
- ඔබට කවදා හෝ ඇදුම රෝගය වැළඳී ඇත්නම් – එය ගිගුරුම් සහිත කුණාටු කාළගුණික තත්වයන් හි දී ඇතිවන ඇදුම රෝග අවදානමෙන් ඔබව ආරක්ෂා කර ගැනීම පිළිබඳව ඔබේ වෛද්‍යවරයා සමග කතා කරන්න.
- ඔබට ශබ්ද නගමින් හුස්ම ගැනීම, හුස්ම හිරවීම, පපුවේ තද ගතිය හෝ නොනවතින කැස්සක් තිබේ නම් – ඔබේ වෛද්‍යවරයා සමග කතා කරන්න. ඔබට ඇදුම රෝගය වැළදී තිබේද සහ එම රෝග ලක්ෂණ කළමනාකරණය කරන්නේ කෙසේද යන්න සොයා ගැනීම සඳහා ඔවුන්ට ඔබ හට උදව් කළ හැකිය.
- සෑම විටම ඔබේ සහන සලසන ඖෂධ රැගෙන යන්න – මෙය ඔබේ හදිසි ඇදුම ප්‍රථමාධාර ඖෂධය වේ.
මඳ ඇදුම රෝග ලක්ෂණ සඳහා, ඔබේ වෛද්‍යවරයා හමුවන්න, ඖෂධවේදියෙකු සමග කතා කරන්න, නැතහොත් වෙනත් සත්කාර විකල්ප වෙත පිවිසෙන්න. ඔබේ තත්ත්වය සුවදායී නොවන්නේ නම් හෝ නරක අතට හැරෙන්නේ නම්, 000 අමතන්න, නැතහොත් රෝහල වෙත යන්න.
කෘෂි උණ
- ඔබට වසන්ත කාලයේ කෘෂි උණ වැළදී ඇත්නම්, ඔබේ ඖෂධවේදියා හෝ වෛද්‍යවරයා සමඟ කතා කරන්න. ඔබට කෘෂි උණ සඳහා ප්‍රතිකාර සැලැස්මක් නිර්මාණය කර ගනීම සහ ගිගුරුම් සහිත කුණාටු කාළගුණික තත්වයන් හි දී ඇතිවන ඇදුම රෝගයෙන් ඔබව ආරක්ෂා කර ගැනීමේ ක්‍රම යෝජනා කිරීම සඳහා උදව් කිරීම ඔවුන්ට කළ හැකිය. ඔබට ගිගුරුම් සහිත කුණාටු කාළගුණික තත්වයන් හි දී ඇතිවන ඇදුම රෝගය වැළදුනහොත් ඔබට ඉක්මනින් ඇදුම රෝගයට සහනය සලසන පෆර් එකක් ලබා ගත හැකි ස්ථානය දැන ගැනීම මෙයට ඇතුළත් වේ - මේවා වෛද්‍ය නිර්දේශයකින් තොරව ඔසුහල් වලින් ලබා ගත හැකිය.
- ඔබට ඇදුම රෝග ලක්ෂණ ඇති වුවහොත්, ඇදුම ප්‍රථමාධාර ගැනීමේ පියවර අනුගමනය කර ඉන්පසු ඔබේ වෛද්‍යවරයා හමු වීමට වගබලා ගන්න.
- ඔබට කෘෂි උණ සහිතව ඇදුම රෝග ලක්ෂණ තිබේ නම් හෝ ඔබට ඒ ගැන විශ්වාස නැත්නම් – ඔබේ වෛද්‍යවරයා හමුවන්න. රෝග විනිශ්චයක් කළ පසු ඔබට හුස්ම ගැනීම දැනෙන සහ එය වඩාත් පහසු කරවන ඵලදායී ප්‍රතිකාර ලබා ගත හැකිය.
ඇදුම රෝගය සඳහා ප්‍රථමාධාර
ප්‍රජාවේ සිටින සෑම කෙනෙකුටම ඇදුම ප්‍රථමාධාර දැන ගැනීම වැදගත් වේ. ඇදුම රෝග ප්‍රථමාධාර තොරතුරු Better Health Channel, Asthma සහ National Asthma Council වෙතින් ලබා ගත හැකිය.
පහත සඳහන් අවස්ථාවලදී වහාම 000 අංකය අමතන්න:
- පුද්ගලයා හුස්ම ගන්නේ නැත්නම්
- ඔවුන්ගේ ඇදුම තත්වය හදිසියේම නරක අතට හැරේ නම් හෝ සුව නොවේ නම්
- පුද්ගලයාට ඇදුම රෝගය වැළදී ඇති අතර සහන සලසන ඖෂධ ලබා ගත නොහැකි නම්
- එය ඇදුම රෝගය දැයි පුද්ගලයාට විශ්වාස නැතිනම්
- පුද්ගලයාට anaphylaxis (අසන්රක්ෂනත්වය, නැතහොත් අන්ෆිලැක්සිය) ඇති බව දන්නේ නම්. මෙය එසේ නම්, සෑම විටම ඇඩ්‍රිනලින් ස්වයංක්‍රීය ඉන්ජෙක්ටරය පළමුව ලබා දී, සමේ රෝග ලක්ෂණ නොමැති වුවද, ඉන්පසුව සහනය සලසන ඖෂධයක් ලබා දෙන්න.
මෙම තොරතුරු වෙනත් භාෂාවලින් ලබා ගැනීමට Translating and Interpreting Service (TIS වෙත 131 450 (නොමිලේ ඇමතුම) ඔස්සේ සම්බන්ධ වී Nurse-on-Call අමතන්න.
ඔබ බිහිරි නම්, ශ්‍රවණාබාධ ඇති නම් හෝ කථන/සන්නිවේදන ආබාධ ඇති නම්, National Relay Service සමඟ සම්බන්ධ වී Nurse-on-Call අමතන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටින්න.
අදාළ තොරතුරු
- Better Health Channel හි ගිගුරුම් සහිත කුණාටු කාළගුණික තත්වයන් හි දී ඇතිවන ඇදුම රෝග වෙබ් පිටුව
- ගිගුරුම් සහිත කුණාටු කාළගුණික තත්වයන් හි දී ඇතිවන ඇදුම රෝග
- Melbourne Pollen වෙබ් හෝ යෙදවුම
- Asthma
- National Asthma Council
උපකාර ලබා ගන්නේ කොතැනින්ද?
- හදිසි අවස්ථාවකදී, සැම විටම 000 අංකය අමතන්න
- වික්ටෝරියාවේ හදිසි සත්කාර සේවාවන්
Content disclaimer
Content on this website is provided for information purposes only. Information about a therapy, service, product or treatment does not in any way endorse or support such therapy, service, product or treatment and is not intended to replace advice from your doctor or other registered health professional. The information and materials contained on this website are not intended to constitute a comprehensive guide concerning all aspects of the therapy, product or treatment described on the website. All users are urged to always seek advice from a registered health care professional for diagnosis and answers to their medical questions and to ascertain whether the particular therapy, service, product or treatment described on the website is suitable in their circumstances. The State of Victoria and the Department of Health shall not bear any liability for reliance by any user on the materials contained on this website.