සාරාංශය
Read the full fact sheet- ඛේදජනක හෝ බියජනක සිදුවීමකින් පසු ඔබට දැඩි ප්‍රතික්‍රියා ඇතිවීම සාමාන්‍ය දෙයකි. ඛේදජනක සිදුවීමක් පහත දැක්වෙන දේ මගින් විය හැකිය: ලැව්ගින්නක් හෝ ගංවතුර ඔබට එරෙහිව සිදු කෙරෙන අපරාධයක් හෝ ප්රචණ්ඩත්වයක් මෝටර් රථ අනතුරක් ශාරීරිකව හෝ ලිංගිකව ප්‍රහාරයට ලක්වීම ඛේදජනක සිදුවීම් පිළිබඳ ඡායාරූප, ප්රවෘත්ති වාර්තා හෝ සමාජ මාධ්‍ය පළ කිරීම් දැකීම.
- ඔබට ශාරීරික, මානසික, චිත්තවේගීය සහ චර්යාත්මක ප්‍රතික්‍රියා රාශියක් අත්විඳිය හැකිය. නමුත් සාර්ථකව මුහුණ දීම සහ සුවය ලබා ගැනීම සඳහා ඔබට කළ හැකි බොහෝ දේ තිබේ.
- සති 3-4 කට පසුවත් ඔබ රෝග ලක්ෂණ අත්විඳින්නේ නම්, උපකාර ලබා ගැනීම වැදගත් වේ.
On this page
උපකාර ලබාගත යුත්තේ කොතැනින්ද
- ඔබේ GP (වෛද්‍යවරයා)
- මනෝචිකිත්සකයෙක්, මනෝවිද්‍යාඥයෙක්, උපදේශකයෙක් හෝ සමාජ සේවකක් වැනි ඔබේ මානසික සෞඛ්‍ය විශේෂඥයා
- ඔබේ ප්‍රාදේශීය ප්‍රජා සෞඛ්‍ය මධ්‍යස්ථානය
- Australian Psychological Society Referral Service (ඔස්ට්‍රේලියානු මනෝවිද්‍යාත්මක සංගමයේ යොමු කිරීමේ සේවාව) දුරකතන. 1800 333 497
- Phoenix Australia Centre for Post-traumatic Mental Health (ෆීනික්ස් ඔස්ට්‍රේලියා පශ්චාත්-කම්පන මානසික සෞඛ්‍යය) දුරකතන. (03) 9035 5599
- Centre for Grief and Bereavement (ශෝකය සහ වියෝ දුක සඳහා මධ්‍යස්ථානය) දුරකතන. 1800 642 066
චිත්තවේගී කම්පනය සඳහා නොමිලේ විශේෂඥ සහාය:
- ඔබ අපරාධයයකට ගොදුරු වී ඇත්නම්, victimsofcrime.vic.gov.au/services-for-victims-of-crime-[sinhalese] වෙත පිවිසෙන්න. ඔබට Victims of Crime Helpline 1800 819 81 ඔස්සේ ඇමතිය හැකිය. භාෂණ පරිවර්තකයන් ලබාගත හැකිය.
- මෙල්බර්න් පුරා ළමා සුරැකුම් මධ්‍යස්ථානවලදී ළමයින්ට එරෙහිව සිදු වුයේයැයි පැවසෙන ලිංගික අතවරයෙන් ඔබේ දරුවා පීඩාවට පත්වී ඇත්නම්, 1800 791 241 ඔස්සේ නොමිලේ ඇමතිය හැකි වෙන්කල උපදේශන මාර්ගයක් තිබේ. භාෂණ පරිවර්තකයන් ලබාගත හැකිය.
- ඔබ මෝටර් රථ අනතුරකට ලක්ව ඇත්නම්, Amber Community - මාර්ග අනතුරු සහාය සහ අධ්‍යාපනය (03) 8877 6900 හෝ 1300 367 797 ඔස්සේ අමතන්න.
ඔබට පහත ආයතන මගින් උපදෙස් ලබාගත හැකිය:
- Lifeline දුරකතන. 13 11 14
- GriefLine දුරකතන. 1300 845 745
- beyondblue දුරකතන. 1300 22 4636
- NURSE-ON-CALL දුරකතන. 1300 60 60 24 – සෞඛ්‍ය තොරතුරු සහ උපදෙස් සඳහා (පැය 24 පුරා, සතියේ දින 7 තුළ)
- Australian Parenting වෙබ් අඩවිය – raisingchildren.net.au
ඔබට මෙම චිත්තවේගී කම්පනය සහ සුවය ලැබීම පිලිබඳ පොඩ්කාස්ට් එකට ද සවන් දිය හැකිය.
චිත්තවේගී කම්පනය සහ සුවය ලැබීම පිලිබඳ තොරතුරු ඔබගේ භාෂාවෙන් ලබා ගැනීම සඳහා Health Translations වෙත පිවිසෙන්න.
චිත්තවේගී කම්පනයට ඔබට ප්‍රතික්‍රියා දැක්විය හැක්කේ කෙසේද
චිත්තවේගී කම්පනයට ඔබ ප්‍රතික්‍රියා දක්වන ආකාරය පහත දේ මත රඳා පැවතිය හැකිය:
- චිත්තවේගී කම්පනය සිදුවීමේ ආකාරය හා බරපතලකම
- ඔබට පෙර අත්දැකීම් හෝ පුහුණුවක් තිබේද යන්න
- ඔබ සෘජුවම සම්බන්ධ වුයේද නැතහොත් අසල සිට බලන්නෙකු වුයේද යන්න
- සිදුවීමෙන් පසු ඔබට ලබා ගනීමට හැකි වූ උපකාර ප්‍රමාණය
- ඔබේ ජීවිතයේ සිදුවෙමින් පවත්නා වෙනත් ආතතිකාරී දේවල්
- ඔබ සාමාන්‍යයෙන් ආතතිකාරී සිදුවීම්වලට මුහුණ දෙන ආකාරය
- පෙර මුහුණ දුන් යම් චිත්තවේගී කම්පන අත්දැකීම්.
ඛේදජනක සිදුවීමක් අවසන් වූ පසු, ඔබ එම සිදුවීම තේරුම් ගැනීමට උත්සාහ කරන බවක් ඔබට පෙනෙන්නට හැකිය. පහත දැක්වෙන දේ ගැන සිතීම මෙයට ඇතුළත් විය හැකිය:
- එය සිදු වූයේ කෙසේද සහ කවර හේතුවක් නිසාද
- ඔබ එයට කෙසේ සහ කවර හේතුවක් නිසා සම්බන්ධ වුයේ ද
- ඔබට එසේ හැඟෙන්නේ ඇයි
- ඔබට ඇතිවන හැඟීම් මගින් ඔබ කෙබඳු පුද්ගලයෙක්ද යන්න පෙන්නුම් කරන්නේ ද
- අත්දැකීම හේතුවෙන් ජීවිතය පිළිබඳ ඔබේ දැක්ම වෙනස් වී තිබේද, සහ කෙසේද.
ඔබ චිත්තවේගීය, මානසික, ශාරීරික සහ හැසිරීම් ප්‍රතික්‍රියා ද අත්විඳිය හැකිය.
චිත්තවේගී කම්පනයට චිත්තවේගීය ප්‍රතික්‍රියා
ඔබට පහත දැක්වෙන දේ හැඟෙන්නට හැකිය:
- තදබල මානසික ආතතිකාරී, නොඉසිලිමත් හෝ බියජනක බව
- භීතියට පත්වී, යම් දෙයක් සිදු වෙන්න යනවා වැනි හැඟීම
- ඔබ අනතුරක ඉන්නවා වැනි හැඟීම
- හිරිවැටීම් හෝ කම්පනයට පත්වීම
- ව්‍යාකූල වීම
- බොහෝ විට චිත්තවේගී වී කලබලයට පත්වීම
- තදබල ලෙස තෙහෙට්ටුවට සහ වෙහෙසට පත්වීම
- දොම්නසට පත්වීම
- පවුලේ අය හා මිතුරන් ඇතුළුව අන් අයගෙන් ආරක්ෂා වීම
- ඔබට ඔබේ නිවසින් පිටවී යාමට අනවශ්‍ය වීම වැනි හැඟීම
- ඔබට පුද්ගලයන් සහ ස්ථාන වෙතින් ඉවත් වීමට හෝ ඒවා මගහැර යාමට අවශ්‍ය වීම වැනි හැඟීම.
මෙම ප්‍රතික්‍රියා සාමාන්‍ය වන අතර, ඔබට මෙම ප්‍රතික්‍රියා බොහොමයක් එකවර දැනිය හැකිය.
එය ඔබේ ශරීරය ස්වාභාවිකව සුව කිරීමේ සහ සුවවීමේ ක්‍රියාවලියේ කොටසක් වන අතර, බොහෝ අවස්ථාවලදී ඔබට වඩා හොඳ හැඟීමක් ඇති කරයි.
චිත්තවේගී කම්පනයට ඇතිවන මානසික ප්‍රතික්‍රියා
ඔබට පහත දැක්වෙන දේ සිදුවිය හැකිය:
- ඔබේ අවධානය යොමු කිරීම හෝ දේවල් මතක තබා ගැනීම ගැටළුකාරී වීම
- ඔබට අවශ්‍ය නොවන අවස්ථාවලදී සිදුවීම ගැන සිතන්නට සිදුවීම
- සිදුවීම ඔබේ මනසට නැවත නැවතත් ඇතුල් වීම
- ව්‍යාකූල වීම හෝ මංමුළා වීම.
චිත්තවේගී කම්පනයට දැක්වෙන ශාරීරික ප්‍රතික්‍රියා
ඔබේ ශරීරයට පහත දැක්වෙන දේ සිදුවිය හැකිය:
- වෙහෙසට පත්වීම හෝ හෙම්බත් වීම
- නිදාගැනීම දුෂ්කර වීම
- ඔක්කාරය, වමනය දැමීම, කරකැවිල්ල සහ හිසරදය අත්විඳීම
- අධික ලෙස දහඩිය දැමීම අත්විඳීම
- ඉහළ හෘද ස්පන්දන වේගයක් ඇතිවීම.
චිත්තවේගී කම්පනයට දැක්වෙන හැසිරීම් ප්‍රතික්‍රියා
ඔබට පහත දැක්වෙන දේ කිරීමට අවශ්‍ය විය හැකිය:
- සිදුවීම ගැන මතක් කිරීමෙන් වැළකී සිටීම
- සිදු වූ දේ ගැන සිතන අතර ඒ ගැන කතා කිරීම
- ඔබ සාමාන්‍යයෙන් දිනපතා කරන දේවල් වෙනස් කිරීම හෝ ඒවායෙන් ඉවත් වීම
- කෑම ඉතා වැඩියෙන් ගැනීම හෝ බොහෝ අඩුවෙන් ගැනීම
- මත්පැන් සහ/හෝ කෝපි වැඩියෙන් පානය කිරීම
- සිගරැට් දුම්පානය කිරීම
- නිදා ගැනීමෙන් වැළකී සිටීම.
කම්පනයෙන් පසු සුවපත් වන්නේ සහ සුවය ලබන්නේ කෙසේද
ඔබගේ, හෝ අන් අයගේ, ආරක්ෂාව හෝ ජීවිතය අවදානමට ලක් කරන ඕනෑම දෙයක් මගින් ඔබට මානසික ආතතියක් ඇති කරයි. මෙය ‘හදිසි ප්‍රකාරයක්’ ලෙස හඳුන්වන අතර එය ඔබේ ශරීරය තර්ජනයකට ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කරන විට සිදු වේ. අපගේ ශරීර අපගේ නොනැසී පැවැත්මට උපකාර කිරීම සඳහා කෙටි කාලයක් තුළ අපට විශාල ශක්තියක් ලබා දීමට උත්සාහ කරයි.
බොහෝ අය කෙටි කාලයක් සඳහා ‘හදිසි ප්‍රකාරයේ’ රැඳී සිටිනු ඇත. නමුත් අනපේක්ෂිත දේවල් සිදු වූ විට හෝ ඔබ නැවත මානසික ආතතියට පත් වූ විට ඔබට 'හදිසි ප්‍රකාරයට' ආපසු යා හැකිය. චිත්තවේගී කම්පන සහගත සිදුවීමකින් පසු ඔබට වෙහෙස දැනෙන්නේ මේ නිසා ය.
ඔබේ ශරීරය සුවපත් කර සුවය ලබා ගැනීමට උපකාර වීම සඳහා, 'හදිසි ප්‍රකාරයෙන්' ඉවත් වීමට ඔබ විසින් ඔබටම උදව් කළ යුතුය. එය ඔබේ ශරීරයට නැවත සැකසුම් කර ගැනීමට සහ සාමාන්‍ය ශක්ති මට්ටම් කරා නැවත පැමිණීමට උපකාරී වේ. මෙය සාමාන්‍යයෙන් සිදුවීමෙන් මාසයක් හෝ ඊට වැඩි කාලයක් ඇතුළත සිදු වේ.
සුවපත් වීමට සහ සුවය ලබා ගැනීමට ඔබට උපකාරී වන උපාය මාර්ග රාශියක් තිබේ. ඔබට පහත දේ කළ හැකිය:
- ඔබ ඛේදජනක හෝ බියජනක අත්දැකීමකට මුහුණ දී ඇති බව හඳුනා ගන්න. ඔබේ ප්‍රතික්‍රියාවන් සාමාන්‍ය දෙයකි
- ඔබට ඔබ මෙන් හැඟීමක් ඇති නොවන නමුත්, මෙය පහව යන බව පිළිගන්න
- ඔබට සාමාන්‍ය පරිදි දේවල් කිරීමට නොහැකි නම්, ඔබ ගැනම කෝපයට හෝ කලකිරීමට පත් නොවී සිටීමට උත්සාහ කරන්න
- ඔබට මුහුණදීමට උපකාරී වීම සඳහා මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් වළකින්න
- ඔබට සුවයක් දැනෙන තුරු ප්‍රධාන තීරණ ගැනීමෙන් හෝ ජීවිතයේ විශාල වෙනස්කම් සිදු කිරීමෙන් වළකින්න
- ඔබේ සාමාන්‍ය ජීවිතය වෙත ආපසු අවතීර්ණය වීම සඳහා කාලය ගන්න
- ඔබට සහාය විය හැකි සහ ඔබව තේරුම් ගත හැකි කෙනෙකු සමග කතා කරන්න
- ඔබේ සාමාන්‍ය චර්යාව පවත්වා ගැනීමට සහ කාර්යබහුලව සිටීමට උත්සාහ කරන්න
- සමහර ස්ථාන හෝ ක්‍රියාකාරකම් වළක්වා ගැනීමට ඔබේ ක්‍රියාකාරීත්වයෙන් පිටතට නොයෑමට උත්සාහ කරන්න
- විවේක ගැනීම සඳහා කාලය වෙන් කරන්න
- නිතිපතා ව්‍යායාම කිරීමට කාලය යොදවන්න
- විවේක ගැනීම හෝ යමෙකු සමග කතා කිරීම වැනි ඔබට අවශ්‍ය දේ සඳහා ඔබට කවර උපකාර අවශ්‍ය වන්නේදැයි බේ පවුලේ අයට සහ මිතුරන්ට පවසන්න
- යෝග, ශ්වසනය කිරීම් හෝ භාවනා කිරීම වැනි විවේකී ශිල්පීය ක්‍රම භාවිතා කරන්න. සංගීතයට සවන් දීම හෝ ගෙවතු වගාව වැනි ඔබ කැමති දේවල් ද ඔබට කළ හැකිය
- ඔබට දැනෙන ආකාරයට ඔබේ හැඟීම් ප්‍රකාශ කරන්න. ඔබට ඔබේ හැඟීම් ගැන යමෙකු සමග කතා කිරීමට හෝ ඒවා ලියා තැබිය හැකිය
- ඔබට දැනෙන ආකාරයට ඔබේ මතකයන්ට සහ අත්දැකීම් වලට මුහුණ දෙන්න. ඒවා ගැන සිතා බැලීමෙන් පසුව, ඒවා පසෙකට දමන්න. එමගින් වෙනත් මතකයන් ඇති කරන්නේ නම්, ඒවා වත්මන් ගැටලුවෙන් වෙන්ව තබා ගැනීමට උත්සාහ දරන්න.
ඔබ තවමත් පරිශ්රම දරන්නේ නම්, ඔබට වෘත්තීය උපකාර ලබා ගත හැකිය
චිත්තවේගී කම්පන සහගත සිදුවීමක් නිසා ඇතිවන මානසික ආතතිය දිගටම පැවතිය හැකිය. ඔබ පහත සඳහන් අවස්ථා වලදී වෘත්තීය සහාය පැතිය යුතුය:
- සිදුවීමෙන් මාසයකට වැඩි කාලයකට පසු, ඔබ චිත්තවේගීය වශයෙන් දැඩි පීඩාවට පත්ව සිටී නම්
- හිරිවැටෙන ස්වභාවයක් සහ හිස් බවක් දිගටම දැනේ නම්
- මානසික ආතතියේ ශාරීරික සලකුණු දිගටම පෙන්නුම් කරන්නේ නම්
- නින්දට බාධා වීම හෝ බියකරු සිහින දැකීම දිගටම සිදු වන්නේ නම්
- ඔබේ අත්දැකීම් ඔබට මතක් කර දෙන යමක් වළක්වා ගැනීමට උත්සාහ කරන්නේ නම්
- ඔබේ හැඟීම් බෙදා ගත හැකි කිසිවෙකු නොමැති නම්
- පවුලේ අය සහ මිතුරන් සමග සබඳතා පීඩාකාරී බව දැනෙන්නේ නම්
- අවධානය වෙනතකට යොමු වී ඇත
- වැඩිපුර මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නේ නම්
- රැකියාවට ආපසු යාමට හෝ එදිනෙදා වගකීම් කළමනාකරණය කිරීමට නොහැකි නම්
- චිත්තවේගී කම්පන සහගත අත්දැකීම ප්‍රතිරුපනය වන්නේ නම්
- සෑම විටම නොසන්සුන් බවක් දැනෙන අතර පහසුවෙන් තිගැස්සෙන සුළු වන්නේ නම්.
පශ්චාත්-කම්පන මානසික ආතති ආබාධය (PTSD) පිළිබඳව
ඛේදජනක සිදුවීමකින් පසු, මාසයක පමණ කාලයක් ගතවීමෙන් පසුවද තමන්ට සුවය නොලැබෙන බව සමහර පුද්ගලයෝ සොයා ගනිති.
මෙවැනි ප්‍රතික්‍රියාවක් මගින් ඔබේ ජීවිතයට බොහෝ ආකාරවලින් බලපෑම ඇතිකළ හැකිය. එය ඔබේ පවුලේ අය සහ මිතුරන් සමග ඇති සබඳතා වෙනස් කළ හැකිය, නැතහොත් ඔබට වැඩ කිරීමට අපහසු විය හැකිය.
මෙය පශ්චාත්-කම්පන මානසික ආතති ආබාධයක් හෝ PTSD විය හැකිය.
ඔබට PTSD අත්විඳිය හැකි යැයි ඔබ සිතන්නේ නම්, ඔබ සෞඛ්‍ය වෘත්තිකයෙකුගෙන් උපකාර ඉල්ලා සිටිය යුතුය.
ඔබගේ මානසික සෞඛ්‍යය හෝ ආදරණීයයෙකුගේ මානසික සෞඛ්‍යය ගැන ඔබ කනස්සල්ලට පත්වන ඕනෑම අවස්ථාවකදී, 13 11 14 ඔස්සේ Lifeline අමතන්න.