සාරාංශය
Read the full fact sheet- ඛේදජනක හෝ බියජනක අත්දැකීම්වලින් ප්‍රකෘති තත්වයට පැමිණීම සඳහා ඔබට ඔබේ දරුවාට උදව් කළ හැකිය. මෙම අත්දැකීම් අතරට ඇතුළත් විය හැක්කේ: මෝටර් රථ අනතුරු ලැව්ගිනි සහ ගංවතුර පවුල තුළ සිදුවන හදිසි අසනීපයක් හෝ මරණයක් අපරාධ, අපයෝජන හෝ ප්රචණ්ඩත්වය
- දරුවන් විපරම් කරනු ඇත්තේ: ඔබ අර්බුදය සම්බන්ධව කටයුතු කරන ආකාරය ඔවුන්ගේ හැඟීම් සහ හැසිරීම්වලට ඔබ ප්‍රතිචාර දක්වන ආකාරය
- ඔබේ දරුවා සමග ඔවුන්ගේ අත්දැකීම් පිළිබඳව සංවාදයක් පැවැත්වීමට මෙම උපදෙස් ඔබට උපකාරී විය හැකිය. ඔබේ දරුවාට ඔවුන්ගේ වයසට අනුව තේරුම් ගත හැකි ආකාරයෙන් කරුණු පැවසීම වැදගත් වේ.
- ඔබට සැමවිටම වෘත්තීය සහාය ලබා ගත හැකිය. ආරම්භ කිරීමට හොඳ ස්ථානයක් වන්නේ ඔබේ පවුලේ වෛද්‍යවරයාය.
On this page
- දරුවන් චිත්තවේගී කම්පනයට ප්‍රතික්‍රියා දක්වන ආකාරය
- චිත්තවේගී කම්පන සහගත සිදුවීමක් පිළිබඳව කතා කළයුතු ආකාරය
- චිත්තවේගී කම්පන සහගත සිදුවීමකට ඔබට ප්‍රතිචාර දැක්විය හැකි ආකාරය
- චිත්තවේගී කම්පන සහගත සිදුවීමකින් පසු පවුලේ චර්යා රටාවන්
- ඔබේ දරුවාට සුවය ලබා ගැනීමට උපකාර කරන්නේ කෙසේද:
- උපකාර ලබාගත යුත්තේ කොතැනින්ද
දරුවන් චිත්තවේගී කම්පනයට ප්‍රතික්‍රියා දක්වන ආකාරය
ඛේදජනක හෝ බියජනක අත්දැකීමකට දරුවා දක්වන ප්‍රතිචාරය රඳා පවතින්නේ:
- ඔවුන්ගේ වයස මත
- ඔවුන්ගේ පුද්ගලත්වය මත
- ඔබේ පවුලේ අය ප්‍රතික්‍රියා දක්වන ආකාරය මත
ඔබේ දරුවා ඔබ බලාපොරොත්තු වන ආකාරයට ප්‍රතික්‍රියා නොදක්වනු ඇත. ඔවුන්:
- ඉවත් වීම - ඔවුන්ට ක්‍රියාකාරකම් කෙරෙහි ඇති උනන්දුව නැති විය හැකිය. ඔවුන් අඩු විශ්වාසයෙන් කටයුතු කිටීම්, නිහඬ වීම හෝ ළදරු අවධියේ හැසිරීමේ රටාවන්ට නැවත අවතීරණ වීම සිදුවිය හැකිය.
- පුර්වනියුක්ත වීම - ඔවුන්ට අත්දැකීම ආවර්ජනය කිරීමට අවශ්‍ය විය හැකිය. උදාහරණයක් ලෙස, සෙල්ලම් හෝ චිත්‍ර නැවත නැවත කිරීම හරහා. ඔබේ දරුවා අනාගත සිදුවීම් ගැන බිය විය හැකිය, නැතහොත් බියකරු සිහින දැකිය හැකිය.
- කාංසාව සහිත – ඔවුන්ට සිත් ඒකරාශී කර ගැනීම් හෝ අවධානය යොමු කිරීමේ ගැටළු ඇති විය හැකිය. ඔවුන්ට නිතරම ඔබට කිට්ටුවෙන් සිටීමට අවශ්‍ය විය හැකිය, නිදා ගැනීමේ ගැටළු තිබිය හැකිය, නැතහොත් පහසුවෙන් කලකිරීමට පත්විය හැකිය.
- අසනීප වීම – ඔවුන්ට හිසරදය සහ බඩේ කැක්කුම ඇති විය හැකිය.
ඔබේ දරුවාට ප්‍රමාද වූ ප්‍රතික්‍රියාවක් තිබිය හැකිය. සමහර දරුවන් හොඳින් පසුවන බව පෙනුනත්, දින, සති හෝ මාස කිහිපයකට පසුව පවා ඔවුන් ප්‍රතික්‍රියා දැක්විය හැකිය.
චිත්තවේගී කම්පන සහගත සිදුවීමක් පිළිබඳව කතා කළයුතු ආකාරය
ඔබ ඔබේ දරුවට අවංක වන්නේ නම්, එය ඔවුන්ට උපකාරී වනු ඇත. ඔබට කළ හැකි දේ:
- ඔබේ දරුවා ආරක්ෂිත බවත් සිදුවීම අවසන් වී ඇති බවත් ඔබේ දරුවට නැවත තහවුරු කිරීම. මෙය ඔවුන්ට බොහෝ වාරයක් සහතික කිරීමට ඔබට සිදු විය හැකිය.
- ඔබේ දරුවට සවන් දීම ඔවුන්ගේ ගැටලු සහ හැගීම් බරපතල ලෙස භාර ගැනීම.
- ඔබේ දරුවාට හැඟෙන ආකාරය ගැන සවන් දීමට ඔබ කැමති බව ඔබේ දරුවාට දන්වන්න.
- සිදු වූ දේ ගැන ඔබේ දරුවාගේ වයසට ගැලපෙන ආකාරයෙන් පවසන්න. ඔවුන්ට තේරෙන භාෂාව භාවිතා කරන්න. ඔබේ දරුවා මූලික කරුණු නොදන්නේ නම්, සිදු වූ දේ ගැන තනිවම සොයා ගැනීමට ඔවුන් උත්සාහ කළ හැකිය. කතාව සම්පූර්ණ කර ගැනීම සඳහා ඔවුන් තම පරිකල්පනය හෝ සීමිත තොරතුරු භාවිතා කළ හැකිය. මෙමගින් ඔබේ දරුවාට වැඩි කාංසාවක් සහ ව්‍යාකූලත්වයක් ඇති කළ හැකිය.
- එය ඔබේ දරුවාගේ වරදක් නොවන බව දරුවට දැන ගැනීමට වග බලා ගන්න. ඔවුන් දඟකාර නම් හෝ යමෙකු ගැන නරක දේවල් සිතුවේ නම් ඔවුන් මෙසේ සිතනු ඇත.
- පවුලක් ලෙස සිදුවීම ගැන කතා කරන්න. දරුවන් ඇතුළුව සෑම කෙනෙකුටම ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට ඉඩ දෙන්න. සෑම කෙනෙකුටම සහයෝගය ලබාදෙන බව, සවන්දෙන බව සහ තේරුම් ගන්නා බව ඔවුන්ට හැඟවීම සඳහ මෙය උපකාරී වේ.
- පුද්ගලයන් හට ඛේදජනක දෙයකට ප්‍රතිචාර දැක්විය හැකි ආකාරය ගැන ඔබේ දරුවා සමග කතා කරන්න. මෙම තත්වයන් තුළ ඔවුන්ගේ හැගීම් සාමාන්‍ය දෙයක් බව ඔවුන්ට පවසන්න. කාලයත් සමග ඔවුන්ට සුවයක් දැනෙනු ඇති බවට ඔබට ඔවුන් හට සහතික කළ හැකිය.
චිත්තවේගී කම්පන සහගත සිදුවීමකට ඔබට ප්‍රතිචාර දැක්විය හැකි ආකාරය
ඔබේ දරුවාගේ හැඟීම් සහ හැසිරීම් වෙත ඔබ දක්වන ප්‍රතිචාර ඔවුන්ගේ සුවය ලැබීමට බලපානු ඇත. පහත දැක්වෙන දේ වැදගත් වේ:
- ඔවුන්ගේ හැසිරීම්වල සිදුවන වෙනස්කම් පිළිබඳව අවබෝධයෙන් සිටීම. දරුවන් ඛේදජනක හෝ බියජනක සිදුවීම් වලට විවිධ ආකාරවලින් ප්‍රතිචාර දැක්වීම. හදිසි කෝපය ඇතිවීම් හෝ නින්දේදී මුත්‍රා පහවීම වැනි ඔවුන්ගේ හැසිරීම්වල වෙනස්කම් සාමාන්‍ය දෙයකි.
- ඔබේ දරුවාට අමතර අවධානයක් යොමු කරන්න. නින්දට යන විටදී සහ වෙන්ව සිටින වෙනත් අවස්ථාවලදී මෙය වැදගත් විය හැකිය.
- ඔබ විසින්ම අවශ්‍ය උදව් ලබා ගන්න. අර්බුදයක් තේරුම් ගැනීමට සහ ප්‍රතිචාර දැක්වීමට දරුවෝ තම දෙමාපියන් හෝ රැකබලා ගන්නන් දෙස බලති. ඔවුන්ට තම බිය තේරුම් ගැනීම සහ ඔවුන්ව සැනසීම සඳහා ඔවුන් වටා සිටින වැඩිහිටියන් අවශ්‍ය වේ. ඔබ පීඩාවට පත්ව සිටී නම්, ඔබට සහාය ද ලබා ගත හැකිය. ඔබ එසේ නොකරන්නේ නම්, එය ඔබේ දරුවාට දැනෙන බිය සහ මානසික ආතතිය වැඩි කළ හැකිය.
- ඔබේ හැඟීම් පිළිබඳව සුදුසු ආකාරයකින් ඔබේ දරුවා සමග කතා කරන්න. මෙය ඔවුන්ගේ හැඟීම් පිළිබඳව කතා කිරීමට ඔවුන්ට උපකාරී විය හැකිය.
- සෑමදෙනාම එකිනෙකාට වෙනස් බවත් ඔවුන්ට වෙනස් හැගීම් තිබිය හැකි බවත් මතක තබා ගන්න. ඔබට හැඟෙන ආකාරයටම ඔබේ දරුවාටත් හැඟෙනු ඇතැයි අපේක්ෂා නොකරන්න.
- ඔබේ දරුවාට තම ජීවිතය පාලනය කරගත හැකි බවට හැඟීමක් ලබා දෙන්න. සුළු තීරණ ගැනීමෙන් පවා ඔවුන්ට වඩාත් පාලනයක් ඇති බවට හැඟීමක් ඇතිවිය හැකිය. අර්බුදයක ව්යකුලතාවයෙන් පසු මෙය විශේෂයෙන් වැදගත් වේ. අසරණ බවක් දැනෙන දරුවන් වැඩි මානසික ආතතියක් අත්විඳිය හැකිය.
- ඔබේ දරුවා ගැන ඕනෑවට වඩා ආරක්ෂාකාරී නොවන්න. අර්බුදයකින් පසු ඔබේ පවුල සමීපව තබා ගැනීමට ඔබට අවශ්‍ය වීම සාමාන්‍ය දෙයකි. නමුත් ඔවුන්ගේ ලෝකය ආරක්ෂිත ස්ථානයක් බව ඔවුන්ට දැනීමට උපකාරී වීම වැදගත් වේ.
චිත්තවේගී කම්පන සහගත සිදුවීමකින් පසු පවුලේ චර්යා රටාවන්
පහත දැක්වෙන දේ වැදගත් වේ:
- හැකිතාක් දුරට ඔබේ නිතිපතා චර්යා රටාවන් පවත්වා ගන්න. මෙය දරුවන්ට යළි විශ්වාසය ඇති කරයි.
- ඔබේ දරුවාට ඔවුන්ගේ සුපුරුදු චර්යා රටාවන් කළමනාකරණය කර ගැනීමට නොහැකි නම්, ඒ බව ඔවුන්ට සහතික වන්න. මෙයට පාසල් යාම හෝ ගෙදර දොරේ වැඩ කටයුතු කිරීම ඇතුළත් විය හැකිය.
- ඔවුන්ගේ හැසිරීම් සඳහා නව චර්යා රටාවන්, වගකීම් හෝ අපේක්ෂාවන් වැනි වෙනස්කම් හඳුන්වා දීමෙන් වළකින්න.
- නිවසේ වැඩිහිටියෙකු ලෙස ඔබේ කාර්යභාරය පවත්වා ගන්න. ඔබ පරිශ්රම දරන්නේ නම්, උපකාර ලබා ගැනීම සඳහා ඔබේ දරුවා මත විශ්වාසය නොතැබීම වැදගත් වේ.
ඔබේ දරුවාට සුවය ලබා ගැනීමට උපකාර කරන්නේ කෙසේද:
පහත දැක්වෙන දේ වැදගත් වේ:
- ඔබේ දරුවාට සෙල්ලම් කිරීමට ඕනෑ තරම් කාලය ලබා දෙන්න. මෙය ක්‍රීඩාවක්, ඔවුන්ගේ සුපුරුදු මිතුරන් සමග කරන ප්‍රියතම ක්‍රීඩා සහ ක්‍රියාකාරකම් විය හැකිය.
- විනෝදාංශ සඳහා කාලය ලබා දෙන්න. සිනහව, ගතකරන හොඳ කාලයන් සහ බෙදාගත් සතුට පවුලේ සියලුම සාමාජිකයින්ට වඩා හොඳ හැඟීමක් ඇති කිරීමට උපකාරී වේ.
- ඔබේ දරුවාගේ ආහාර රුචිය වෙනස් විය හැකි බව මතක තබා ගන්න. ඔවුන් ආහාර වේලාවල් වලදී ආහාර ගැනීමට අකමැති නම්, ඒ වෙනුවට දවස පුරා නිතිපතා කෙටි ආහාර ලබා දෙන්න.
- ඔබේ දරුවාට ප්‍රමාණවත් විවේකයක් සහ නින්දක් ලැබෙන බවට වග බලා ගන්න.
- ශාරීරික ව්‍යායාම සඳහා ඔවුන්ට උදව් කරන්න. මෙය ඔබේ දරුවාට මානසික ආතතියෙන් මිදීමට සහ ඔවුන්ගේ නින්ද වැඩි දියුණු කිරීමට උපකාරී වේ.
- සීනි, වර්ණවත් ආහාර සහ චොකලට් සීමා කරන්න.
- ඔබේ දරුවාට ශාරීරිකව විවේක ගැනීමට උදව් කරන්න. උණුසුම් ජල ස්නාන, සම්බාහන, කතන්දර වේලාවන් සහ බොහෝ සිප වැළඳගැනීම්සමග මෙය සිදුවිය හැකිය.
- ක්‍රියාකාරකම හේතුවෙන් ඔබේ දරුවා කලබලයට හෝ කනස්සල්ලට පත් කරන්නේ නම්, ඒවා වෙනස් කරන්න. උදාහරණයක් ලෙස, ඔබේ දරුවා කනස්සල්ලට හෝ බියට පත් කරන රූපවාහිනී වැඩසටහනක්.
ඔබගේ මානසික සෞඛ්‍යය හෝ ආදරණීයයෙකුගේ මානසික සෞඛ්‍යය ගැන ඔබ කනස්සල්ලට පත්වන ඕනෑම අවස්ථාවකදී, 13 11 14 ඔස්සේ Lifeline අමතන්න.
උපකාර ලබාගත යුත්තේ කොතැනින්ද
- ඔබේ GP (වෛද්‍යවරයා)
- ඔබේ මාතෘ හා ළමා සෞඛ්‍ය හෙදිය
- ඔබේ ප්‍රාදේශීය ප්‍රජා සෞඛ්‍ය මධ්‍යස්ථානය
- ළමාරෝග විශේෂඥ වෛද්‍යවරයා හෝ ළමා හා නවයොවුන් මනෝචිකිත්සකවරයා - ඔබේ වෛද්‍යවරයාට ඔබව යොමු කළ හැකිය.
- Phoenix Australia Centre for Post-traumatic Mental Health (ෆීනික්ස් ඔස්ට්‍රේලියා පශ්චාත්-කම්පන මානසික සෞඛ්‍යය) දුරකතන. (03) 9035 5599
- Centre for Grief and Bereavement (ශෝකය සහ වියෝ දුක සඳහා මධ්‍යස්ථානය) දුරකතන. 1800 642 066
පහත දැක්වෙන ආයතන මගින් ද ඔබට උපදස් ලබාගත හැකිය:
- Lifeline දුරකතන. 13 11 14
- GriefLine දුරකතන. 1300 845 745
- beyondblue දුරකතන. 1300 22 4636
- Kids Helpline දුරකතන. 1800 55 1800
- NURSE-ON-CALL දුරකතන. 1300 60 60 24 – සෞඛ්‍ය තොරතුරු සහ උපදෙස් සඳහා (පැය 24 පුරා, සතියේ දින 7 තුළ)
- Australian Parenting වෙබ් අඩවිය – raisingchildren.net.au